වරාය නගර ව්‍යාපෘතියට නව රජයේ අනුමැතිය

Image copyright defence.lk

කොළඹ වරාය ආශ්‍රිත වරාය නගර ව්‍යාපෘතිය අඛණ්ඩව කර ගෙන යාමට රජයේ අවසරය ලැබේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න අමාත්‍යවරයා අද, බ්‍රහස්පතින්දා කැබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කමිටුවක් විසින් කළ විමර්ශනයකින් අනතුරුව මේ තීරණය ගෙන ඇති බවයි ඇමතිවරයා පැවසුවේ.

මොරටුව විශ්ව විද්‍යාලය මගින් අදාළ ව්‍යාපෘතිය පිළිබඳ පරිසර වාර්තාවක් ලබා දී ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

නව රජයක් යටතේ මෙම ව්‍යාපෘතිය අත්හිටවීමට පියවර ගන්නා බවට, වත්මන් රජයේ පාර්ශවකරුවන් විසින් ඉකුත් ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ දී අවධාරණය කෙරිණ.