ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

රුසියාවේ ජාතික ගීය වැරදියට වැයූ ඊජිප්තු හමුදාව

රුසියාවේ ජනාධිපති ව්ලදිමීර් පූතින්, ඊජිප්තුවේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි අඟහරුවාදා කයිරෝ අගනුවර දී මුණගැසුණේය.

නායකයන් දෙදෙනා ඉතා සුහදව එකිනෙකා පිළිගත් නමුත්, ඊජිප්තු හමුදාව රුසියානු ජාතික ගීය වාදනය කළ අවස්ථාව නම් රුසියානු නායකයා ගේ ප්‍රසාදයට හේතු නොවූවා නිසැකයි.

එම අවස්තාව සටහන් වූ කෙටි වීඩියෝ පටය අන්තර්ජාලය ඔස්සේ අතිවිශාල පිරිසක් නරඹා තිබුණි.