දුමින්ද තුන් වැනි දිනටත් රහස් පොලිසියට

Image copyright Newsfirst

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් තුන් වැනි දිනටත් රහස් පොලිසිය ප්‍රශ්න කරයි.

මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු බව පැවසෙන ‘වෙලේ සුදා’ නැමැත්තා ලබා දී තිබෙන තොරතුරු මත මන්ත්‍රී දුමින්ද සිල්වා ගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට පසුගිය දා අධිකරණය නියෝග කර තිබුණි.

ඉන් අනතුරුව රහස් පොලිසිය දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගෙන් දිගටම ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.

හිරුණිකා

මේ අතරතුර දුමින්ද සිල්වා තවමත් අත්අඩංගුවට නොගැනීම ගැටළු සහගත බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවසුවාය.

මීට ප්‍රතිචාර දක්වන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ ලෝකය පිළිගත් ක්‍රම වේදය තුළ පරීක්ෂණ කටයුතු සිදු කර ගෙන යන අතර නීති විරෝධී ලෙස අත්අඩංගුවකට ගැනීමක් සිදු කළ නොහැකි බවයි.

දුමින්ද සිල්වාට එරෙහිව සාක්ෂි ලබා දීමට අවශ්‍ය කෙනෙකු වේනම් ඔවුන්ගේ අනන්‍යතාව හෙළි නොවන ලෙස රහසිගත භාවය රකින බවත් පොලිසිය ප්‍රකාශ කරයි.