ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තිස්ස අබේසේකර මතකය

තිස්ස අබේසේකර බහුවිධ ක්ෂේත්‍ර අරා ඒ ඒ ක්ෂේත්‍රයෙහි අතිශය වෘත්තිමය අයුරින් කටයුතු කළ ප්‍රාමානිකයකු විය.

ඔහු කෙතරම් ශූර නිර්මාණකරුවකු වීද යත් යොමු වූ කුමන ක්ෂේත්‍රයක වුවද හසලත්වය සහ වෘත්තීමය බව එකී ක්ෂේත්‍රය තුළ අනන්‍යව ප්‍රකට කිරීමට හේ සමත් විය.

තිස්ස අබේසේකර තිර රචනය කරන විට අපට සිතෙන්නේ ඔහු දක්ෂතම තිර රචනයට යැයි කියාය.

ඔහු නිවේදන කටයුතුවල යෙදෙන විට නිවේදකයකු සේ හඬ පාන විට අපට සිතෙන්නේ ඔහු නිපුණතම ක්ෂේත්‍රය නිවේදන කලාව බවයි.

තිස්ස අබේසේකර රඟ පාන විට අපට පෙනෙන්නේ සුවිශේෂී රංගන ප්‍රාතිහාර්යකි.

ඔහුගේ අධ්‍යක්ෂණය ළඟ අපට ඔහු අපේ අද්විතීය අධ්‍යක්ෂකවරයාය.

ඔහුගේ සිනමා විචාර කලාව තුළ මේ සෑම කලාංගයකින්ම ඔහු පෑ ප්‍රතිභාවයේ පරමාදර්ශය ගැබ්ව ඇතැයි සිතේ.

මන්ද විචාර බුද්ධියක් නැති නිකමුන් මහා කලා නිධාන බවට පත් වූ රටක තිස්ස අබේසේකරයන් විචාරක්ෂියෙන් දකින සිනමාව, කලාව, ගීතය, සංගීතය, වේදිකාව මතු නොව දේශපාලනය වුව කෙතරම් විශ්වීය දැයි අපට සිතේ.

සිය ‘මහගෙදර’ චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් සමග වැඩිමහල් සොහොයුරකු ලෙස රංගනයේ යෙදෙන තිස්ස අබේසේකරයන්.

‘කුරුල්ලෙක්ගෙන් ගිහිල්ලා අහපන් මල්ලියේ ඌ සින්දු කියන්නේ ඇයි කියලා.

ඒ උපමාව සුන්දර වැඩි නම් බල්ලෙකුගෙන් ගිහිල්ලා අහපන් ඌ පඳුරක් හරි කුළුණක් හරි දැක්කම අන්ඩ උස්සන්නේ ඇයි කියලා

ඒවට පිළිතුරු නැහැ මල්ලි

පිළිතුරු නැහැ’

තිස්ස අබේසේකරයන් පිළිබඳ කතා කිරීමට යෑම සඳුන් ගසක් කැපීමක් වැන්න. තව තවත් ඈතට සුගන්ධය විහිදෙනවා පමණි.