ජනපති පළමු නිල සංචාරය ඉන්දියාවට

Image copyright Maithripala Sirisena

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගියේය.

ජනාධිපතිවරයා සමග පාඨලි චම්පික රණවක, මංගල සමරවීර, රාජිත සේනාරත්න, ඩීඑම් ස්වාමිනාදන් යන අමාත්‍යවරු ඇතුළු දාහත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉන්දියාව බලා පිටත්ව ගියහ.

සිය ප්‍රථම නිල විදෙස් සංචාරය අරඹමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි සහ එරට විදේශ අමාත්‍යවරිය සුෂ්මා සෙන් මුණ ගැසී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

Image copyright Twitter
Image caption ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිකුත් කළ ට්වීටර් පණිවිඩය

ආර්ථිකය, ධීවර ගැටළු සහ ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව පිළිබඳ දෙරටේ නායකයන් ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනු ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ නිල සංචාරයේදී දහතුන් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සඳහා ඉන්දීය රජය ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය යුතු බව දෙමළ ජාතික සන්ධානය ඉන්දීය මාධ්‍යයට පවසා තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර