'මෝදි මාර්තු 13 ලංකාවට එනවා'

Image copyright AP

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි නිල සංචාරයක් සඳහා මාර්තු මස දහ තුන් වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙන බව රජය පවසයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මේ බව නිවේදනය කළේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා යි.

මාර්තු 15 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඉන්දීය අගමැතිවරයා උතුරේ සංචාරයක ද නිරත වනු ඇති බවයි වාර්තා වන්නේ.

ජෝන් කෙරී

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරීට ශ්‍රී ලංකා රජය ආරාධනා කර ඇති අතර එය භාර ගෙන ඇති බවත් ඒ අනුව ඉදිරියේ දී ඔහුගේ පැමිණීම අපේක්ෂා කරන බවත් මෙම මාධ්‍ය හමුවේ දී නිවේදනය කෙරිණ.

එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාද මේ වසර ඇතුළත ඇමරිකා එක්සත් ජනපදයේ නිල සංචාරයක යෙදෙනු ඇති බව කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර