විමල් වීරවංශගේ බිරිඳ අත්අඩංගුවේ

Image copyright sri lanka mirror

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ අද (22) පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

ඇය අත්අඩංගුවට පත් වී ඇත්තේ උපන් දින දෙකක් යටතේ විදේශ ගමන් බලපත් දෙකක් තම සන්තකයේ තබා ගැනීමේ චෝදනා මත යි.

ඉන් එක් විදෙස් ගමන් බලපත්‍රයක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගමන් බලපත්‍රයක් බවයි වාර්තා වන්නේ.

ශෂී වීරවංශ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී යි.

'බිරිඳ අසනීප තත්වයේ'

පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශෂී වීරවංශ බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කරනු ඇති බවයි.

තම බිරිඳ අසනීප තත්වයේ පසු වූ බැවින් රෝහල් ගත කර සිටි බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසා ඇත්තේ.

සිය බිරිඳ තවමත් අත්අඩංගුවට නොගන්නේ මන්දැ’යි විමල් වීරවංශ පසුගිය දා නුගේගොඩ පැවති රැළියේ දී ප්‍රසිද්ධියේ ප්‍රශ්න කර තිබුණි.