'මල්ලිලාගේ, බාප්පලා පුතාලගේ නීති විරෝධී හෝටල්'

Image copyright Getty

පසුගිය ආණ්ඩුවේ බලධාරීන් විසින් නැගෙනහිර පළාතේ රජයේ සහ පෞද්ගලික ඉඩම් නීති විරෝධී ලෙස පරිහරණය කරනු ලැබ ඇති බව අනාවරණය වී ඇතැයි ඉඩම් අමාත්‍ය එම්කේඩීඑස් ගුණවර්ධන පවසයි.

‘ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය ඇතුළු ආරක්ෂක සේවාවලුත් මේ ජරා විදිහට මුදල් ඉපයීමේ වෛශ්‍යා සේවයේ යොදමින් මේ රට පුරාම තිබුණේ අයහපත් පාලනයක්. පවුල ඇරියා වගේ මල්ලිලාගේ, බාප්පලා, පුතාලගේ හෝටල්’ ඉඩම් අමාත්‍යවරයා එසේ කියා සිටියේ සඳුදා පැවති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමින්.

එම ප්‍රදේශවල ස්වාභාවික පරිසරය විනාශ කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ මේ වන විට එම ප්‍රදේශවල කොන්ක්‍රීට් ගොඩනැගිලි සහ කටුකම්බි පමණක් දක්නට ඇති බවයි.

එම අවස්ථාවට කරු ජයසූරිය අමාත්‍යවරයාද එක් වී සිටියේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර