ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

Image copyright Reuters

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (26) පැවති තරඟයෙන් ලකුණු 92ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි විය.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර පන්දු වාර 50ක් ඇතුළත එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 332 ක් රැස් කර ගත්තේය.

නවසීලන්තය හමුවේ ලද පරාජයෙන් පසුව අද පැවති තරඟයේදී තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 161ක්, කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 105ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 52ක් ලබා ගන්නා ලදී.

Image copyright Getty

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමේ සියලු දෙනා පන්දු වාර 47 කදී දැවී ගිය අතර ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 240 ක් පමණි.

ලසිත් මාලිංග කඩුලු 3ක් දවා ගත් අතර සුරංග ලක්මාල් හා තිලකරත්න ඩිල්ෂාන් කඩුලු 2බැගින් දවා ගන්නා ලදී.

බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් ශබීර් රහමන් ලකුණු 53ක් රැස් කර ගත්තේය.