ඩිල්ෂාන් අරවින්දගේ වාර්තාව බිඳියි

Image copyright AFP

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන ක්‍රිකට් තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50කදී එක් කඩුල්ලක් දැවී ලකුණු 332ක් ලබා ගැනිමට සමත් විය.

මෙහිදී කුමාර් සංගක්කාර සිය විසි දෙවැනි එක් දින ශතකය වාර්තා කළ අතර තිලකරත්න ඩිල්ෂාන් පන්දු 146 කදී ලකුණු 161 රැස් කළේය.

මේ අනුව ලෝක කුසලාන තරගයක දී වැඩි ම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා සහ ලෝක කුසලාන තරගයක දී ලකුණු 150 පසු කළ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට තිලකරත්න ඩිල්ෂාන් ගේ නම වාර්තා පොතට එක් වෙයි.

Image copyright AFP

මීට පෙර ලෝක කුසලාන තරගයක දී වැඩි ම ලකුණු රැස් කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙස වාර්තාව තබා තිබුණේ අරවින්ද ද සිල්වා යි. ඒ 1996 දී කෙන්යාවට එරෙහිව ලකුණු 145ක් බලා ගැනීමෙනි.

තිලකරත්න ඩිල්ෂාන් නොදැවී ලකුණු 161ක් හා කුමාර් සංගක්කාර නොදැවී ලකුණු 105ක් රැස් කරමින් දෙවන කඩුල්ල සඳහා ලකුණු 210ක නොබිඳුණු සබඳතාවක් මෙම තරඟයේ දී වාර්තා විය.

මෙම තරඟය ජය ගැනීමට නම් බංග්ලාදේශය ලකුණු 333 ක ඉලක්කය සැපිරිය යුතු වෙයි.