ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විවේචනයේදී හිතවත්කම් නොතැකූ තිස්ස

‘රේඛාව’ ශ්‍රී ලාංකේය සිනමාවේ හැරවුම් රේඛාව වෙද්දී තිස්ස අවුරුදු දාසයක කිරිකජු කොලුවෙක්. එදා නවසීය පනස් හයේ 'රේඛාව' නරඹා සිනමා හලෙන් පිටතට තිස්ස පිය මැන්නේ අලුත් මිනිසකු විලසින්.

ලෙස්ටර් ජේම්ස් පීරිසුන් ඉදිරියේ දනින් වැටී ගෞරවය පළ කිරීමට තරම් භක්තියක් ඇති විය රේඛාව බලා පිටතට පැමිණි තිස්සට.

රේඛාවෙන් සිව් වසරකට පසු තිස්ස පාසලෙන් නික්මෙන විට ඔහුගේ සිනමා පරිඥානයත්, විචාරක්ෂයත් ඇස දුටු ශ්‍රේෂ්ඨ මෙන්ම ජනප්‍රිය නිර්මාණ සමග මානාව මුහු වී පිරිමැදී තිබුණි.

එක්දහස් නවසීය හැට වසරේ ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ ‘සංදේශය’ නරඹන විට පරිණත වී පදම්ව සිටි තිස්ස විසි එක්වන වියේ පසු විය.

‘සංදේශය’ දැක බිඳ වැටුණු තිස්ස ගෙදර ගොස් තම ප්‍රියතම සිනමාකරුවාට බැණ, දොස් පවරා, චිත්‍රපටයේ බොළඳ තැන් පෙන්වා ලිපියක් ලිවීය.

ඒ වන විට ලංකාවේ සුවිශේෂීම සිනමාකරුවා බවට පත් වී විශාල කීර්තියක් අත් කර ගෙන සිටි ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ට බැණ වැදී ලිපියක් ලියූ තිස්සට ලැබුණු ප්‍රතිචාරය කුමක්ද?

තිස්සගේ විවේචනය පිළිබඳ පැහැදුණු පීරිසුන් ‘ගම්පෙරළියේ’ තමා සමග වැඩ කිරීමට එන මෙන් ඇරයුම් කළේය.

තිස්ස අබේසේකර නම සමග පෑහෙන නම් රාශියක් සොයා ගැනීමට හැකිමුත් තිස්ස සිය සිනමා අවශ්‍යතාවය ඒ ඒ හැඳුනුම්කමට හෝ සහෘදත්වයටම පිරිනමන්නේ ඊට ගැළපෙනවා නම් පමණි.

තිස්ස අබේසේකරයන් සිනමාවේත්, අන් ලලිත කලාවන්ගේත් අත්‍යවශ්‍ය මෙන්ම සීමාකාරී සාධකය වූයේ කෙසේද?

එහි උල්පත කුමක්ද?, හඬ පටයට සවන් දෙන්න.