ණය දුන්නේ එකඟවූ සම්මුති වලින් පසු- චීනය

Image copyright AP
Image caption විදේශ ඇමති මංගල සමරවීර චීන අගමැති ලී කිචාන්ග් හමුවූ අවස්ථාව

ශ්‍රී ලංකාවට ණය ලබා දීමට තීරණය කරන ලද්දේ දෙරට අතර පැවති සාකච්ඡාවලින් සහ එකඟවූ සම්මුති වලින් අනතුරුව බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හුආ චුන්යින්ග් (Hua Chunying) එසේ පැවසුවේ ශ්‍රී ලංකාව ලබා ගෙන ඇති චීන ණය සහ ඒවාට අය කෙරෙන පොලී අනුපාත පිළිබඳව මතු වන විවේචන සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

චීනයෙන් ලබා ගත් ණය මුදල සහ ඒවාට අය කෙරෙන පොලී අනුපාත කෙරෙහි ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුව ඇති බව විදේශ අමාත්‍ය මංගල සමරවීර බේජින්ග් නුවරදී ප්‍රකාශ කළේය.

සාධනීය පිටුබලයක්

එම ණය ගිවිසුම් ඇති කරන ලද්දේ සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් බව පැවසූ චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හුආ චුන්යින්ග් (Hua Chunying), ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ සංවර්ධනයට ඒවා විශාල සාධනීය පිටුබලයක් වී ඇතැයි පැවසුවේය.

දෙරට ජනතාවට වැදගත් වන මූලික කරුණු සම්බන්ධයෙන් පවතින ප්‍රායෝගික සහයෝගිතාව ඉදිරියටත් දිගටම පවත්වා ගෙන යාමට හැකියාව ඇති බවට චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක හුආ චුන්යින්ග් (Hua Chunying) විශ්වාසය පල කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර