කිසි දිනක දේශපාලනයට එන්නේ නැහැ - සංගක්කාර

Image copyright Getty

වර්තමානයේදී හෝ අනාගතයේදී දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු අභිලාෂයක් නොමැති බව ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර පවසයි.

තමා දේශපාලනයට පිවිසෙන බවට පළ වන වාර්තා පදනම් රහිත වගකීමකින් තොර කටකතා බවයි, කුමාර් සංගක්කාරගේ 'ෆේස්බුක්' පිටුවේ පළ කළ පණිවුඩයක සඳහන් වෙන්නේ.

දේශපාලනයට පිවිසීමට කැමැත්තක් නොමැති බව තමා මීට පෙරත් සඳහන් කර ඇතැයි පවසන සංගක්කාර, එවැනි වාර්තා බැහැර කරන ලෙස ක්‍රීඩා ලෝලීන්ගෙන් ඉල්ලා සිටියි.