කොන්ග්‍රස් සභිකයන්ට මුදල් දීම පිලිබඳ විභාගයක්

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට ඇමරිකාවේ සහයෝගය ලබා ගැනීම පිණිස මැදිහත් වීමට පසුගිය රජය ඇමරිකානු සමාගම් කිහිපයකට අති විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා ඇද්ද යන්න පිලිබඳ පරීක්ෂණයක් පවත්වන බව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්ණයකදී තම අදහස් ඉදිරිපත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා එම අදහස ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ සහයෝගය ලබා ගැනීම පිණිස එලෙස මුදල් එක්රැස් කිරීම සහ වියදම් කිරීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කියා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොන්ග්‍රස් සභිකයන්ට මුදල් දීම ඇමරිකානු නීතියට පටහැනි ක්‍රියාවක් වන බවත් පෙන්වා දුන්නේය.

‘නීතියට පටහැනි යමක් සිදු වී ඇත්නම් ඒ පිලිබඳව ඇමරිකාවට ද දැනුම් දිය යුතුව ඇති බවත්’ අගමැතිවරයා පවසයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඇමරිකානු යෝජනාව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වීමෙන් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ රජය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා ඇමරිකානු සමාගම් කිහිපයකට ඇමරිකානු ඩොලර් ලක්ෂ 13 කට වැඩි මුදලක්, එනම් රුපියල් කෝටි පහළොවක් ඉක්මවන මුදලක් වියදම් කළත් එමගින් බලාපොරොත්තු වූ අභිප්‍රාය ඉටුවී නැති බවයයි පෙන්වා දුන් අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සැහීමකට පත්විය හැකි යමක් සිදු වී ඇද්දැයි පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කළේය.

ශ්‍රී ලංකාවට ඇමරිකාවේ සහය ලබා ගැනීම පිණිස එලෙස මුදල් වියදම් කිරීම පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බව කියා සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කොන්ග්‍රස් සභිකයන්ට මුදල් දීම ඇමරිකානු නීතියට පටහැනි ක්‍රියාවක් වන බවත් පෙන්වා දුන්නේය.

නීතියට පටහැනි යමක් සිදු වී ඇත්නම් ඒ පිලිබඳව ඇමරිකාවට ද දැනුම් දිය යුතුව ඇති බවත් අගමැතිවරයා පවසයි.

සෙනේට් සභික යෝජනා

කෙසේ වුවද, පසුගිය වසරේ පෙබරවාරි මස 27 වෙනි දින ඇමරිකානු සෙනේට් සහිකයන් පිරිසක් ආර්ථික සහ සමාජ අභිලාෂයන්,නීතියේ ආධිපත්‍යය ,ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් වලට ගරු කිරීමත් ඇතුළුව එක්සත් ජනපද අභිලාෂයන් පිළිබිඹු කෙරෙන විස්තීර්ණ සහ සමතුලිත පිළිවෙතක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සංවර්ධනය කරන මෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Image copyright Ajith P Perera
Image caption වැඩ බලන විදේශ ඇමති අජිත් පෙරේරා

තවදුරටත් එම සෙනේට් සභිකයන් එක්සත් ජනපදයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා ඇත්තේ , ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවධියේ සහ ඉන් පසු අවධියේ දෙපාර්ශවය විසින්ම සිදු කරනු ලැබ ඇති ක්‍රියාවන් සම්බන්ධයෙන් මතු වෙන කිසිදු දුක් ගැනවිලි වේනම් ඒ සඳහා පියවර ගැනීමේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවීමට ශ්‍රී ලංකාවට සහයෝගය දෙන ලෙසයි.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්ථාවර භාවය ආරක්ෂාව තහවුරු වන අන්දමේ දේශීය යන්ත්‍රණයක් සකසා ගැනීමට සහය දිය යුතු බවයි එම සෙනේට් සභිකයන් යෝජනා කර තිබුණේ.

එහෙත් පසුගිය රජය ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නංවා ලීමට ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ සභිකයන් දිනා ගැනීම වෙනුවෙන් කරන ලද වියදම් කිසිදු ආකාරයකින් පල දරා නැති බවයි වැඩබලන විදේශ ඇමති අජිත් පෙරේරා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ පසුගිය රජය රට තුළ සිදු කරන ලද ආකාරය අනුව යමින් ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ සභිකයන් දිනා ගැනීමටත් මහජන මුදල් වැය කර තිබේද යන්න පැහැදිලි කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පාර්ලිමේන්තුවෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ වැඩ බලන විදේශ ඇමතිවරයා කියා සිටියේ පසුගිය රජය එම මුදල් වැය කිරීමේ දී කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බවයි .

‘මුදල් දී වැඩේ නොකෙරුනාද දන්නේ නැහැ . එහෙමත් නැත්නම් මුදල් රැස් කරලා ඒ මුදල් නොදී හිටියා වෙන්නත් පුළුවන්’ වැඩ බලන විදේශ ඇමතිවරයා ප්‍රකාශ කළේය.