ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

විදු ඇස සරු කළ දොස්තර බුද්ධදාස බෝධිනායක

දොස්තර බුද්ධදාස බෝධිනායක විද්‍යාව සිංහල භාෂාවෙන් ජනතාව අතරට ගෙන ඒමට 1960 දශකයේ පටන් විශාල කාර්ය භාරයක් ඉටු කළ විද්‍යාර්ථියකු වශයෙන් සම්මානයට පත් වෙයි.

පසුගියදා දිවියෙන් සමුගත් ඔහුගේ අවමඟුල අද (මාර්තු 14) ලන්ඩනයේ දී සිදූ කෙරුණි .

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සහ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක් වෙමින් කියා සිටියේ, ශිෂ්‍ය අවධියේ පටන් ලේඛනයෙන් මෙන්ම ගුවන් විදුලි විද්‍යුත් නාලිකා උපයෝගී කර ගනිමින් දොස්තර බුද්ධදාස බෝධිනායකයන් ශ්‍රී ලාංකික සමාජයේ විද්‍යා දැනුම ප්‍රවර්ධනය කිරීමෙහි ලා සුවිශාල කාර්යභාරයක් ඉටු කළ බවයි.

ශ්‍රී ලංකාව නිවහන කර ගනිමින් විද්‍යා ලේඛක ආතර් සී ක්ලාක් විසින් නිර්මිත කෘතීන් සිංහලට නැගීමේ ලා දායක වූ දොස්තර බුද්ධදාස බෝධිනායකයන් මිනිසා සඳ තරණය කිරීමේ අභ්‍යවකාශ ජයග්‍රහණය සරල විද්‍යාත්මක වදනින් හැඩ ගැන්වූ බවයි නාලක ගුණවර්ධන පවසන්නේ.

නාලක ගුණවර්ධන සමඟ පැවැත්වූ සමස්ත සාකච්ඡාවට ඔබට මෙහි දී සවන් දිය හැකියි.