ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හිතිච්ච හිතිච්ච විදියට නඩු දැම්මා -ධනුන

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැය පහකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රශ්න කරනු ලැබීය.

දුටු තැන අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කොට සිව් වසරකට පසු, ජනාධිපතිවරණ සමයේ අධිකරණයට භාර වූ මොහු හයිකෝප් නඩුවේ පළමු වන විත්තිකරු යි.

ධනුන තිලකරත්න දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය පසුගිය දෙසැම්බර් මාසයේ තීරණය කළ අතර එහිදී පොලිසියට කළ නියෝගයකට අනුවයි ඔහුගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ඇත්තේ.

මෙම ප්‍රශ්න කිරීමට ලක් වීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ධනුන තිලකරත්න කියා සිටියේ කුමන හේතුවක් මත මෙම නඩුව ගොනු කර ඇත්දැයි තමාට තවමත් පැහැදිලි නැති බවයි.

‘2010 ජනාධිපතිවරණයෙන් පස්සේ මේ ගොල්ලෝ අපිට හිතිච්ච හිතිච්ච විදියට නඩු දැම්ම. අපිව අපහසුතාවයට පත් කරන්න මගේ වටේ ඉන්න යාළුවන් ඥාතීන් ඇතුළු හැමෝටම.’ මාධ්‍යයට ධනුන තිලකරත්න පැවසීය.