ලෝක කුසලානය; ශ්‍රී ලංකාව අනපේක්‍ෂිත සමුගැනීමක

Image copyright AFP
Image caption දීර්ඝ චාරිකාවක සමු ගැනීම

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ අද බදාදා පැවැත්වුන අවසාන අර්ධ පූර්ව තරඟයෙන් ශ්‍රී ලංකාව ලද පරාජය සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩා විචාරකයන් සහ ක්‍රීඩාලෝලීන් විස්මය සහ අපේක්ෂා භංගත්වය පළ කරති.

එම තරඟයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 133 කට සීමා කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර් 37 ක් සහ පන්දු දෙකක දී සියලු දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 133කි.

මේ අනුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මෙම තීරණාත්මක තරඟය පහසු ඉලක්කයකින් ජයග්‍රහණය කර ගැනීමේ මූලික පසුබිම දමා ගැනීමට ආරම්භයේදීම සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ දී වැඩිම ලකුණු සංඛ්‍යාව කුමාර් සංගක්කාර විසින් වාර්තා කරන ලද අතර ඔහු ලබාගත් ලකුණු ගණන 45 කි.

පන්දු දහනවයකට මුහුණ දුන් තිලකරත්න දිල්ශාන් ලකුණු නොබලාම දැවී ගිය අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් තිදෙනකුම එකදු ළකුණක් වත් නොලබාම දවා ලීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක මහේල ජයවර්ධන ලකුණු හතරකට සීමා කිරීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු දහය ඉක්මවා ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් ගණන තිදෙනකු පමණි.

මේ අනුව සිය ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු 134 ඉලක්කය කරා ලඟා වීමට දකුණු අප්‍රිකානු පිතිකරුවන් වැය කරන ලද්දේ ඕවර් 18 ක් පමණි.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දැවී ගිය එකම ක්‍රීඩකයා එච්.එම්. අම්ලා පමණි.

ලසිත් මාලිංග ගේ පන්දුවකටයි අම්ලා දැවී ගියේ.