ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

තිස්ස අබේසේකර නම් වූ තිර රචකයා

ශ්‍රී ලංකාවේ සිනමාව අරඹයා එදා මෙදා තුර පහළ වූ අතිශයින්ම සුදුර්ලභ පුද්ගලයා වන්නේ තිස්ස අබේසේකරයන් බව ඉඳුරා පැවසිය යුතු වන්නේ ඔහු හා බහු විධ සිනමාංගයන් ගෙන් සිනමාව පෝෂණය කළ වෙනකෙකු සොයා ගත නොහැකි බැවින්.

තිස්ස අබේසේකරයන් එම සුදුර්ලභත්වයට පාත්‍ර වන්නේ ඇයි?

ඔහු සිනමාවේ සකල විධ වූ ශාඛා, අනු ශාඛා ප්‍රවාහයන් හි සක්‍රියවත් සාර්ථකවත් තථාකාරී ලෙසත් ක්‍රියාත්මක වූ නිසයි.

සිනමාවේ උත්කෘෂ්ටතම ආස්ථානය වන සිනමා අධ්‍යක්ෂණය වෙත ඔහු පිය නගන්නේ තිර රචනය නම් සිනමාවේ ප්‍රධානතම පවුරු පදනම අතැඹුල සේ සාක්‍ෂාත් කර ගනිමින්.

නිධානය

අක්කර පහ වැනි දීර්ඝ නව කතා තිර රචනයකින් කෙටි කරන්නට පුරුදු වූ තිස්සට කුඩා පිටු පහක කෙටි කතාවක් පැය දෙකක සිනමා නිර්මාණයකට ලියන්නට සිදුවීම සැබවින්ම අභියෝගයක් නොවන්නට ඇතැයි කිව හැකිද?

නිධානය තිර රචනය කරන්නට තිස්ස අබේසේකරයන්ට වසරකට කිට්ටු කාලයක් ගත වූ බව ඔහු පවසා තිබුනා.

ඉර පානෙන් රැස් දෝතක් තිස් පස් වැනි දිග හැරුම - තිස්ස අබේසේකර මතකය - බන්දුල නානායක්කාරවසම් ගේ ගුවන් විදුලි නිර්මාණ දායකත්වය. හඬ පටයට සවන් දෙන්න.