ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ෆීල්ඩ් මාර්ෂල්

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් නිලයට උසස් කර තිබේ.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සරත් ෆොන්සේකා ෆීල්ඩ් මාර්ෂල් තනතුරට උසස් කිරීමේ නිල උත්සවය, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ශ්‍රී ලංකා යුද හමුදාවේ ෆීල්ඩ් මාර්ෂල් නිලයට පත් වූ පළමු නිලධාරියා ලෙස ඉතිහාසයට එක් වේ.

ෆීල්ඩ් මාර්ෂල් තනතුර ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලය වන අතර එම තනතුරට කැබිනට් අමාත්‍යවරයකුට හිමි සමාන බලතල හිමි වේ.