ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ජනවාරි අට අපට ලැබුණේ බෝම්බයක්' - මුදල් ඇමති

අනිවාර්ය නිවාඩු යවා සිටින මහ බැංකු අධිපතිවරයා සිංගප්පූරුවේ සිට මහ බැංකුව තවමත් පාලනය කරන බවට විපක්ෂය එල්ල කරන චෝදනා මුදල් ඇමති රවි කරුණානායක විසින් ප්‍රතික්‍ෂේප කරනු ලැබුණි.

එම විවේචන සම්බන්ධයෙන් බීබීසී කොළඹ වාර්තාකරු අසාම් අමීන් ඇමතිවරයාගෙන් විමසීමක් කළ විට ඔහු කියා සිටියේ,සියලු පරීක්ෂණ විවෘත මට්ටමින් සිදු කෙරෙන අතරවාරයේ කිසිදු වරදක් සොයා ගත නොහැකිව සිටින විපක්ෂය ‘මානසික ප්‍රශ්නයකින්’ පෙළෙන බවයි.

මෙය දූෂණයක් සොයා ගත නොහැකි තැන විපක්ෂය එල්ල කරන විවේචනයක් හැටියටයි ඇමතිවරයා විසින් විග්‍රහ කරනු ලබන්නේ.

අර්ජුන් මහේන්ද්‍රන්

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පූරුවේ සිට මහ බැංකුව පාලනය කරන බවට චෝදනා කර තිබුණේ හිටපු ඇමති විමල් වීරවංශයි.

මහ බැංකුවේ හිටපු අධිපති හැටියට වසර ගණනාවක් ක්‍රියා කළ අජිත් නිවාඩ් කබ්රාල්ගේ කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කිරීමට දවස් හැට අටක් ගත වූ බවයි මුදල් ඇමති රවි කරුණානායක සඳහන් කළේ.

අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන අතර එයට රජය ඇඟිලි නොගසන බවත් මුදල් ඇමතිවරයා පවසයි.

‘ජනවාරි අටවෙනිදා අපට ලැබුණේ බෝම්බයක්. පින් එක ගලවා ඇති එම බෝම්බය පුපුරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ’ ඇමතිවරයා කියා සිටියේය.