ජනපති මෛත්‍රී පාකිස්තානයට

Image copyright AFP

තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පාකිස්තානය බලා පිටත්ව ගොස් තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ තෙදින නිල සංචාරය අතරතුර පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් ඇතුළු එරට රාජ්‍ය නියෝජිතයන් හමු වී ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එහිදී දෙරට අතර දේශපාලනික සහ ආර්ථික සබඳතා තර කෙරෙන ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර