ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යේමනයේ යුද ගිනිදැල් මැදින් යළි මව්බිම කරා

යේමන් යුද්ධය දරුණු වෙත්ම එරට කොටු වී සිටි ශ්‍රී ලාංකිකයන් කණ්ඩායමක් ඊයේ රාත්‍රී (08)ආපසු සියරට ලඟා වූහ.

එම කණ්ඩායම කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ කරා සැපත් අවස්ථාවේ මහත් ඉහළින් පිළිගනු ලැබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා විදේශ කටයුතු භාර නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකයන් භාර ඇමතිනී තලතා අතුකෝරල සහභාගී වූහ.

එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ අජිත් පී.පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා, ඉහත කී ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම බේරා ගැනීමට සහයෝගය දීම සම්බන්ධයෙන් චීන රජයට තුති පළ කළේය.

විදේශ සේවා නියුක්තිකයන් භාර ඇමතිනී තලතා අතුකෝරල අදහස් දක්වමින් කියා සිටියේ, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බේරා ගැනීම සඳහා ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශයට සහ චීන රජයට ස්තුති කරන බවයි.

යේමනයේ නගර කීපයක සිට සිය දිවි බේරා ගනිමින් ආපසු පැමිණි කීප දෙනෙක් ද ඔවුන්ගේ අත්දැකීම් විස්තර කළහ.

එරට සිටින ඉතිරි ශ්‍රී ලාංකිකයන් ද සියරට ගෙන්වා ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙමින් පවතින බවයි බලධාරීන් පවසන්නේ.