ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අස්ගිරි මහනාහිමි දැයෙන් නික්ම යයි

අපවත් වී වදාළ අස්ගිරි පාර්ශවයේ මහනායක අග්ග මහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනාහිමියන්ගේ අවමගුල් උත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආදාහන පෙරහැර ගමන් ගත් මඟ දෙපස රැස් වූ ජනතාව මහනාහිමියන්ගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වුහ.

අවමගුල් උත්සවය වෙනුවෙන් මහනුවර විශේෂ ආරක්ෂක විධිවිධාන යොදවා තිබුණු අතර, මහනාහිමියන් වෙනුවෙන් ආචාර වෙඩිමුර දාහතක් ගුවනට මුදා හැරුණි.

මහානාහිමියන් ගේ අවමගුල් උත්සවය පැවැත්වෙන අද ඉරිදා දින ජාතික ශෝක දිනයක් ලෙසින් නම් කොට තිබේ.

මල්වතු සහ අස්ගිරි යන මහා විහාර ජනතාවට සමීප කිරීම සඳහා මහනාහිමියන් දැවැන්ත මෙහෙයක් ඉටු කළ බවයි, මල්වතු මහා විහාරවාසී මහවෙල රත්නපාට හිමියන් සංදේශයට කියා සිටියේ.

‘මහනායක හාමුදුරුවෝ අපි මෑත කාලයේ ගත්තොත් බොහොම එඩිතරව අදහස් ප්‍රකාශ කරපු මහා ආදර්ශ සම්පන්න සංඝ නේතෘවරයාණන් නමක්. උන්වහන්සේ පොදු ජනත්වත් එක්ක බොහොම ලඟින් කටයුතු කළා’ පූජ්‍ය මහවෙල රත්නපාට හිමියෝ පැවසූහ.

සම්පුර්ණ හඬ පටයට සවන් දෙන්න.