ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මංගලඑළිය කුරුළු පාරාදීසයේ ලුණු ලේවායක්

මුන්දලම මංගලඑලිය හේන්යාය රක්ෂිතයේ අක්කර අසුවක භුමි ප්‍රදේශයක් ව්‍යාපාරිකයෙකු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගනිමින් ලුණු ලේවායක් ඉදිකිරීමට කටයුතු කරගෙන යන බව ප්‍රදේශයේ පරිසර හා මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි .

මේ ලුණු ලේවාය ඉදිකිරීමට එරෙහිව ප්‍රබල ජනතා විරෝධයක් මතුවුවත් ජනතා විරෝධයද නොතකමින් පාරසරික පද්ධතියට ප්‍රබල විනාශයක් කරමින් ඉදිකරීම් කටයුතු දිගටම සිදු සිදු කෙරෙන බවයි බීබීසී ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වාර්තා කරන්නේ.

ශ්‍රී ලංකාවේ ලුණු වගා කිරීම සදහා ප්‍රදේශ වෙන් කර තිබියදී පාරසරික අතින් ඉහල වටිනාකමක් ඇති ලන්දේසි ඇලට යාබද මේ රක්ෂිතය ලුණු වගාවට තෝරා ගැනීම සමස්ත පරිසර පද්ධතියටම සිදු කරන විනාශයක් බවයි පුත්තලම " මානවි " මානව හිමිකම් සංවිධානයේ සභාපති සෝමපාල තෙන්නකෝන් පවසන්නේ .

බැකෝ යන්ත්‍ර භාවිතා කරමින් කඩොලාන ශාක උදුරා පුළුස්සා දමමින් සිදුකරන විනාශය පිළිබද බලධාරීන් නිහඩව සිටීම තමනට සිත ගැනීමට පවා නොහැකි බව " මානවි " මානව හිමිකම් සංවිධානයේ සභාපති සෝමපාල තෙන්නකෝන් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මහජන විරෝධය නොතකා

මේ සිදුකරන විනාශය නැවැත්වීම සදහා මැදිහත්වන ලෙස මුන්දලම "තබතලා " පරිසර සංවිධානය වගකිවයුතු පුද්ගලයන්ගෙන් හා ආයතන වලින් ඉල්ලා සිටින බව බීබීසී ප්‍රාදේශීය මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න වැඩි දුරටත් පවසයි.

"තබතලා " පරිසර සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ලසන්ත වික්‍රමරත්න ප්‍රකාශ කරන ලෙස මේ වසරේ මුල් භාගයේදී මේ ප්‍රදේශය ද ඇතුළුව හෙක්ටයාර 160 ක් ප්‍රදේශයක් රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ අත්සනින් .

පසුගිය මාස කීපය තුලදී මෙයට විරෝධය පල කරමින් පැවති විරෝධතා වලදී විරෝදතා කරුවන් පෙන්වා දුන්නේ, ලුණු ලේවාය ඉදිවූව හොත් ගම් බිම් හැර දමා යාමට තමනට සිදුවනු ඇති බවයි.

ප්‍රසාද් පුර්ණමාල් ජයමාන්න පවසන ලෙස, මුන්දලම ප්‍රාදේශීය ලේකම් වරයාද ලුණු ලේවාය ඉදිකිරීමේ කටයුතු නවත් වන ලෙස නියෝග කර ඇතත් , මේ ව්‍යාපාරිකයා විසින් මේ නියෝගද නොතකමින් ලුණු ලේවාය ඉදිකරමින් සිටි .