19 ව්‍යවස්ථා සංශෝධන 'විවාදය අඟහරුවාදා'

Image copyright my3manifesto.com

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අප්‍රේල් 21 වනදා දක්වා කල් ගොස් ඇති බව මාධ්‍ය වාර්තා කරයි.

මීට පෙර පළ වූ මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අප්‍රේල් 20 වනදා පාර්ලිමේන්තුව තුළ විවාදයට ගැනීමට නියමිත බවයි.

ඒ අනුව අප්‍රේල් 21 සහ 22 යන දෙදින තුළ අදාළ පාර්ලිමේන්තු විවාදය පැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ තිබෙන බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද ඉරිදා පැවති දේශපාලන පක්ෂ නායක හමුවකදී එම එකඟතාවයට පැමිණි බව මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.