19 සංශෝධනය යළිත් කල් යයි?

Image copyright EPA
Image caption සඳුදා රාත්‍රියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැඳවීම පිළිබඳව පාර්ලිමේන්තුවේ හටගත් ව්‍යාකූල තත්වය හමුවේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය යලිත් වරක් වෙනස් වී ඇත්දැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ අවධානය පළ වූ බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා පවසයි.

19 වැනි සහ 20 වැනි ව්‍යවස්ථා සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තුවේ කමිටු ශාලාවකදී සඳුදා සවස් යාමයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණ.

පාර්ලිමේන්තුවේ හටගත් කලබලකාරී තත්වය හමුවේ එම සාකච්ඡාව තීරණයකින් තොරව නිමා වූ බවයි, නියෝජ්‍ය අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

කෙසේ නමුත් සඳුදා රාත්‍රියේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අඟහරුවාදා උදෑසන ඉදිරිපත් කරන්නේ දැයි එහිදී තීරණය කෙරෙනු ඇති බව පැවසීය.

මැතිවරණ ක්‍රමයේ සංශෝධනය ඇතුලත් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමඟ එකට ඉදිරිපත් කරන්නේ නම් පමණක් 19 වැනි සංශෝධනයට පක්ෂව සිය ඡන්දය භාවිත කිරීමට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඉරිදා රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කොට තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර