ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'නවකයන් පුහුණු කිරීම විශාල අභියෝගයක්' - කපිල

මහේල ජයවර්ධන කුමාර් සංගක්කාර වැනි ලෝක පුජිත ක්‍රීඩකයන් ගෙන් තොර වූ ක්‍රිකට් කණ්ඩායමක් සමග ජාත්‍යන්තර ක්‍රිකට් ලෝකයට පිවිසීමේ දී ඔවුන් ඉවත්වීමෙන් ඇති වූ පාඩුව පිරිමසා ගත හැකි ලෙස නවක ක්‍රීඩකයන් පුහුණු කිරීම තමා හමුවේ ඇති විශාලතම අභියෝගයක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නව සභාපති කපිල විජේගුණවර්ධන ප්‍රකාශ කළේය.

එහෙත් එම තත්වය ශ්‍රී ලංකාවට පමණක් සුවිශේෂී වුවක් නොවන බවයි සංදේශය සමග අදහස් දැක් වූ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

මෙතෙක් පැවති තේරීම කමිටුව විසින් ගන්නා ලද තීරණයන් ගේ නිවැරදි භාවය පිළිබඳව ඔහුගේ අදහස් විමසා සිටි අවස්ථාවේ ඔහු ප්‍රකාශ කළේ පසු විපරමකින් පෙර පැවති කමිටුවේ තීන්දු තීරණ විවේචනය කිරීම සදාචාර සම්පන්න නොවන බවයි.

ඉවත්ව ගිය නිලධාරී මඩුල්ල ගත් තීන්දු තීරණ වලට යම් සාධාරණ හේතුවක් තිබිය හැකි බවයි ඔහුගේ අදහස.

“තේරීම් කමිටු වෙනස් වුනාම අදහස් වෙනස් වෙනව. අලුත් අදහස් තියනව. ඉතින් පරණ අදහස් විමසා බලා කටයුතු කිරීමේ කිසිම ගැටලුවක් නැහැ කියලයි මට හිතෙන්නෙ” යනුවෙන් නව සභාපති වරයා ප්‍රකාශ කළේය.

ඔහු සමග පැවති සම්පුර්ණ සාකච්චාව ට සවන් දීම සඳහා ඉහතින් ඇති වීඩියෝ පටය නරඹන්න.