ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මැයි දින උණුසුම සහ මැයි ජන හඬ

වෙනත් අවුරුදු වල මෙන් මෙම වසරේත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ පෙළපාලි සහ රැලි සංවිධානය කරමින් ලෝක කම්කරු දිනය සමරන ලද බවයි වාර්තා වන්නේ.

ඒ ඒ දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති නියෝජනය කරන ජන කොටස් ඔවුනොවුන්ගේ ප්‍රතිපත්ති ඉස්මතු කෙරෙන සටන් පාඨ හඬ නගමින් පෙළපාලියෙන් ගමන් ගත්හ.

අනතුරුව නායකයෝ අනුගාමිකයන් අමතා උණුසුම් කතා පැවැත්වූ අතර බීබීසී සංදේශය වාර්තාකරු ප්‍රසාද් පූර්නිමාල් සිය කැමරා කාචයේ එම දර්ශන සටහන් කර ගන්නා ලද්දේ මේ ආකාරයටයි.