බැසිල් යළි රිමාන්ඩ්

Image copyright AFP

හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන 7 වැනිදා තෙක් යළි රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් අයථා පරිහරණය කිරීමේ චෝදනාව මත මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් පසුගිය මස 22වෙනි දින අත්අඩංගුවට ගත් හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනා අද දින නැවතත් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කොළඹ ජාතික රෝහලේ මර්චන්ට් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා අධිකරණයට ගෙන එන ලද්දේ ගිලන් රථයකින්.

කෙසේ වෙතත් හිටපු අමාත්‍යවරයා නැවතත් කොළඹ මර්චන්ට් වාට්ටුවේ රඳවා තබන ලෙස ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාට යොමු කරන ලෙසයි ඔවුන්ට දැනුම් දුන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර