අතුරුදහන්වූවන් හඳුනා ගැනීමට තවත් දිනයක්

අතුරුදහන් වුවන්ගේ ඥාතීන් පිරිසක් බ්‍රහස්පතින්දා මැගසින් බන්ධනාගාරයේදී රැදවියන් සෝදිසි කිරීමක නිරත වුහ.

ඒ තම ඥාතීන් මේ රැඳවියන් අතර සිටින බවට ලැබුණු සාක්ෂි කීපයක් අනුවයි.

මාධ්‍ය වාර්තා පළවීමෙන් අනතුරුව ඥාතීන් කරන ලද ඉල්ලීම් වලට අනුව බලධාරීන් විසින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ට මේ අවස්ථාව ලබා දී තිබිණ.

රැඳවියන් 106 දෙනෙකු සෝදිසි කලත් ඒ අතර තම ඥාතීන් නොසිටි බවයි ඔවුන් කියා සිටින්නේ.

18 දෙනෙකුගෙන් සමන්විත ඥාතීන් කණ්ඩායමෙන් බන්ධනාගාර මූලස්ථානයට ඇතුල්වීමට අවසර ලැබී ඇත්තේ පස් දෙනකුට පමණි.

මේ අතර සිටි එම්.සත්‍යවේල් පියතුමා පැවසුවේ පැවසුවේ, අතුරුදහන් වූ බව පැවසෙන ඥතීන් තෛපොංගල් උත්සවයේදී සිටි බව බන්ධනාගාරය තුළ සිටින රැඳවියන් පවා පිළිගන්නා බවයි.

ඔවුන් හඳුනා ගැනීමට තවත් දිනයක් ලබා දීමට බන්ධනාගාර කොමසාරිස්වරයා එකඟවූ බවත් එම්.සත්‍යවේල් පියතුමා ප්‍රකාශ කළේය.