මුස්ලිම් නියෝජිත පිරිසක් හිටපු ජනපතිට සහාය පළ කරති

Image copyright AP

මුස්ලිම් ජනතා නියෝජිත පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී සාකච්ඡා කර ඇති අතර ඔහුට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී ඇතැම් මුස්ලිම් පක්‍ෂ විසින් තමන් රවටනු ලැබූ බව එම මුස්ලිම් නියෝජිතයන් හිටපු ජනාධිපතිවරයාට පැවසු බවයි හිටපු මුස්ලිම් කටයුතු ඇමති ඒ එච් එම් අස්වර් බීබීසීයට කියා සිටියේ.

බොදු බල සේනාව

‘ඒ ගොල්ලන් කිව්ව මේ බොදු බල සේනාව නිසා තමයි මේ වින්නැහිය ඇති වුනේ. බොදු බල සේනාව නිසා මුස්ලිම් ජනතාව ඔබ තුමාගෙන් ඈත් වුනා. ඒ අවස්ථාවේ තමයි ඇතැම් අය ඇවිල්ලා කිව්වේ ඔබ තුමා ආවොත් පල්ලි කඩනවා කියන බොරු ප්‍රචාරය. ඔබ තුමා එහෙම කෙරුවෙත් නැහැ. නමුත් ඔබ තුමා දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ වැරැද්ද සිද්ධ වුනා. ඔබ තුමා දැන් ඒක පිළිඅරගෙන තියෙනවා. ඒ නිසා ඔබ තුමා අප වෙත විශ්වාසයි. ඒ කාලෙත් විශ්වාසයි. මුස්ලිම්වරුන්ගේ මිත්‍රයෙක් බව හැමදාම දන්නවා. ඔබ තුමාගේ මැදමුලනේ වෙලෙන් එගොඩ වුනාම තියෙන්නේ මුස්ලිම් ගම. යක්ගස්මුල්ල. යනාදී වශයෙන් ඒ ගොල්ලන් කියන්න පටන් ගත්තා, එකින් එක.’ හිටපු මුස්ලිම් කටයුතු ඇමති ඒ එච් එම් අස්වර් පවසයි.

මින් ඉදිරියට මුස්ලිම් ජනතාව නොමග යැවීමට ඉඩ නොතබන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ එම මුස්ලිම් නියෝජිතයන්ට ප්‍රතිඥා දුන් බවයි හිටපු අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ.