ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුරුණෑගල රැලියට 'මන්ත්‍රීවරු 56 ක්'

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අගමැති අපේක්ෂකයා බවට පත්කරන මෙන් ශ්‍රීලනිපයට බල කරමින් කුරුණෑගල පැවැත්වුන රැලියට සන්ධාන මන්ත්‍රීවරු 56 දෙනකු ඇතුළු සන්ධාන නායකයන් පිරිසක් සහභාගි වී සිටියහ.

පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඇතුළුව මහජන නියෝජිතයන් 200 කට ආසන්න පිරිසක් රැලියට එක් වී සිටි බවයි, සංවිධායකයන් පවසන්නේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පක්ෂයට අදාළ නොවන රැස්වීම්වලට සහභාගී නොවියයුතු බවට පණවා තිබෙන තහනමද නොතකා රැස්වීම සංවිධානය කොට තිබුණේ සාලින්ද දිසානායක සහ ටීබී ඒකනායක ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් විසින්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ නායකත්වයෙන් යුත් යහපාලන ආණ්ඩුව මේ වන විට මාධ්‍ය වාරණයක නිරතව සිටින බවට රැලිය ඇමතු ටීබී ඒකනායක මන්ත්‍රීවරයා චෝදනා කළේය.

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එවා තිබුණු පණිවුඩ රැස්වීමේදී කියවන ලදි.

ළඟදීම තමන්ද එම වේදිකාවට ගොඩ වන බවයි, හිටපු ජනාධිපතිවරයා එවා තිබුණු පණිවුඩයේ සඳහන් වූයේ.