ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මන්නාරමේ නැවත පදිංචි කිරීම් දෙස 'සුභවාදීව බලන්න'

මන්නාරම මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නැවත පදිංචි කිරීම් පිළිබඳ මේ වන විට උද්ගත ව ඇති තත්වය සම්බන්ධයෙන් සුභවාදීව බලන ලෙස වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමාත්‍ය රිෂාර්ඩ් බදියුද්දීන් දකුණේ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියි.

"මමත් අනාථයෙක් වෙලයි ගියේ. මේ සියලු දෙනා අනාථයෝ. මේ ජනතාවට සිද්ධ වුනා එදා පැය දෙකක් තුළ තම ගම් බිම් අතහැරලා පුත්තලමට යන්න," රිෂාර්ඩ් බදියුද්දීන් පැවසීය.

"ඒ ගියේ ෂොපින් බෑග් එකක දමා ගන්න පුළුවන් බඩු ටික අරගෙනයි. එහෙම ගිය ජනතාවට නැවත තම උපන් ගම වලට එන්න පාරිසරික වාර්තා ඕනද?."

අමාත්‍ය රිෂාර්ඩ් බදියුද්දීන් සෙනසුරාදා දකුණේ මාධ්‍යවේදීන් පිරිසක් මන්නාරම ප්‍රදේශයට කැඳවා ගෙන පැමිණියේ එහි නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් මේ වන විට ඇතිව තිබෙන තත්වය පිළිබඳ පෙන්වා දීමටයි.

රිෂාර්ඩ් බදුයුර්දින් අමාත්‍යවරයා මාධ්‍යවේදීන් සමග සංවාදයේ නිරතව සිටියදී පිරිසක් සිය පාරම්පරික අයිතිය තමන්ට ලබා දෙන ලෙස ඉල්ලමින් පිරිසක් උද්ඝෝෂණයක නිරතව සිටියහ.

මාධ්‍ය ආයතන සහ සංවිධාන කිහිපයක් මන්නාරමේ නැවත පදිංචි කිරීම මුල් කර ගනිමින් අසත්‍ය ප්‍රචාරයක් ආරම්භ කර ඇති බවද උද්ඝෝෂකයෝ ප්‍රකාශ කළහ.