ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද්ධයෙහි 'අවසානයක් මිස ජයග්‍රහණයක් නොමැත'

විජයග්‍රහණයක් ලෙස සැමරිය යුත්තේ යුද්ධයේ අවසානය නොව උතුරේ ජනතාවගේ හදවත් දිනා ගන්නා දිනය බව ‘අලුත් පරපුර’ සංවිධානය පවසයි.

‘යුද්ධයෙහි අවසානයක් මිස ජයග්‍රහණයක් නොමැත’ මැයෙන් අලුත් පරපුර සංවිධානය කළ අනුස්මරණ වැඩසටහන පැවැත්වුණේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය , නෙළුම් පොකුණ රඟහල අසලදීයි.

‘මේක යුද්ධයේ අවසානය. ජයග්‍රහණයට තව ගමනක් යන්න තියනවා. ඒක තමයි මේ සියලු ජනවර්ග එකට එකතු වෙලා මේක ශ්‍රී ලාංකේය ජාතිය කියලා කෑ ගහලා කියන්න පුළුවන් වන මොහොත’ අලුත් පරපුර සංවිධානයේ කෞශල්‍ය කුමාරසිංහ එහිදී කියා සිටියේය.

විජයග්‍රහණය ලෙස සමරමින් කරනු ලබන්නේ යුද්ධයේදී සිදු වූ මානව විනාශයක් බවත් එය සැබෑ ජයග්‍රහණයක් දැයි මනසින් සිතා බැලිය යුතු බවත් කලාකරු ධර්මසිරි බණ්ඩාරනායක පැවසුවේය

පැමිණ සිටි පිරිස යුද්ධයෙන් මියගිය සියලු දෙනා සිහි කර පහන් දැල්වූහ.