ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

බොදු බල සේනාවට දේශපාලනය අකැපයි-විමලජෝති නාහිමි

බොදු බල සේනා සංවිධානය සතුව පැවති කාර්යභාරය මේ වනවිට නිම වී ඇතැයි එහි සභාපති කිරම විමලජෝති නාහිමියෝ පවසති.

උන්වහන්සේ එම සංවිධානයෙන් ඉවත් වූ බව පැවසෙන වාර්තා පළ වීමත් සමග සංදේශය විසින් සිදු කරන ලද විමසීමක දී විමලජෝති නාහිමියන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ බෞද්ධ සමාජය තුළ සිදු වෙමින් පැවති විවිධ අකටයුතු පිටු දැකීමේ අරමුණින් එම සංවිධානය ආරම්භ කළ බවයි.

එසේම බොදු බල සේනා සංවිධානය අද වන විට දේශපාලන ව්‍යාපාරයක් බවට හැරීම අනුමත කළ නොහැකි බවයි කිරම විමලජෝති නාහිමියන් පවසන්නේ.

Image caption බොදු බල සේනා හිමිවරු.

බෞද්ධ භික්ෂූන් වහන්සේ දේශපාලන පක්ෂ වශයෙන් බෙදීම අනුමත නොකරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

කිරම විමලජෝති නාහිමියන් සමඟ බීබීසී සංදේශය පවත්වන ලද සාකච්ඡාවට ඔබට මෙම පිටුව මගින් සවන් දිය හැකිය.

අප මේ සම්බන්ධයෙන් විමසීමට බොදු බල සේනා සංවිධානයේ සෙසු ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක විය.