ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ආණ්ඩුව පෙරලීම 20 සංශෝධනයට බාධාවක්- හෙළ උරුමය

විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් තොරව මහ මැතිවරණයකට ගිය හොත් එය ජනවාරි මාසයේ අට වෙනිදා දුන් මහජන තීන්දුවට මෙන්ම ‘දින සීයේ’ වැඩ පිළිවෙළට පටහැණි බව ජාතික හෙළ උරුමය පවසයි.

මේ සම්බන්ධයෙන් පසුගිය දා ප්‍රකාශයක් කළ හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනු ලැබීමෙන් තොරව මැතිවරණයකට යාමට ඉඩ නොදෙන බවක් ප්‍රකාශ කර තිබුණි.

20 වැනි සංශෝධනය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් ඇති බවයි, ජාතික හෙළ උරුමය මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණ සිංහ පවසන්නේ.

පවතින මැතිවරණ නීතිය සංශෝධනයට අවශ්‍ය මූලික සියලු පියවර සූදානම් බව පවසන පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණ සිංහ එක්සත් ජාතික පක්ෂයට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් සම්මත කොට ආණ්ඩුව පෙරලා දමනු ලැබීමෙන් හෝපාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීමෙන් සිදු වන්නේ පවතින මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීමට ඇති අවස්ථාව අහිමි කිරීම බවත් පෙන්වා දෙයි.

පළාත් සභා මන්ත්‍රී නිශාන්ත වර්ණ සිංහ සමඟ බීබීසී සංදේශය පැවැත්වූ සාකච්චාවට මෙම පිටුව තුල ඔබට සවන් දිය හැක.