ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජේ එච් නොමැති ශ්‍රී ලංකාවේ 'කලාව දුප්පත්'

ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍ය දෘශ්‍ය කලාව අද තවත් දුප්පත් බවට පත් වූ බවයි කලා ලෝකයේ ප්‍රවීනයන් පවසන්නේ.

සෝමලතා සුභසිංහ අභාවයෙන් සතියක් ඉක්ම යාමටත් පෙර ශ්‍රී ලංකාවේ කළා ලෝකය තවත් මහා කලාකරුවකු රටට අහිමි වීමත් සමඟයි එම සමරු සටහන් තැබීම ආරම්භ කෙරුණේ.

ඔහු JH ජයවර්ධන. ජිනදාස හරිශ්චන්ද්‍ර ජයවර්ධන.

'ජේ.එච්' යන ආදරණීය නාමයෙන් කළා ලොව තුල පෙනී සිටි ජිනදාස හරිශ්චන්ද්‍ර ජයවර්ධන 1950න් දශකයේ අග භාගයේ දී කලා ලොවට පියවර තැබීමෙන් කෙටි කලක් ඇතුළත මහා කීර්තිමත් නමක් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවේ නිර්මිත ගුවන් විදුලි නාට්‍ය, වේදිකා නාට්‍ය සහ චිත්‍රපට රාශියක හඬ සහ රැඟුමෙන් රුව එක් කළ JH ජයවර්ධන කෘතහස්ත ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක්.

සිය ජීවිතයේ අවසාන සමයේ අන්ධව සිටියදීත් ඔහු තම කලා ජීවිතයට තිතක් නොතැබූ බවයි ඔහුගේ රසිකයන් සිහිපත් කරන්නේ.

දිවියෙන් සමුගත් කලාකරු පිළිබඳව මතක සටහනක් තැබීමත් අති දුෂ්කර සංවේගාත්මක කාර්යයක්.

අපි කතා කළා, වසර හැටකට ආසන්න කාලයක් ජේ එච් ජයවර්ධන ශූරීන් සෙවනේ සිටි තවත් ශිල්පියකුට.

ප්‍රවීණ ලේඛක, නාට්‍ය ශිල්පී කරුණාරත්න අමරසිංහ කළා ලෝකයේ දැවැන්තයා සම්බන්ධයෙන් පළ කරන අදහස් වලට ඔබට මෙම පිටුවෙන් සවන් දෙන්නට පුළුවනි.