ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

“මේ ගැනත් සිතන්න පක්ෂය රැක ගන්න"

“මේ ගැනත් සිතන්න පක්ෂය රැක ගන්න“ යන පොත සම්බන්ධයෙන් මේ වන විට වාද විවාද ආරම්භ වී තිබුනත් පොත සම්පාදනය කිරීමට මුල්වූ එස් බී දිසානායක ඇමතිවරයා පවසන්නේ ජනාධිපතිවරයා ඇතුළු බොහෝ දෙනා ඒ සම්බන්ධයෙන් දැන සිටි බවයි.

ඒ සම්බන්ධයෙන් මීළඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවට වාර්තා කරන බව පක්ෂයේ මහා ලේකම් අනුර ප්‍රිය දර්ශන යාපා මාධ්‍යයට පවසා තිබිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් පවසා තිබුණේ තමන් එවැනි පොතක් ගැන නොදන්නා බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගැන මෙම පොත් පිංචේ තොරතුරු සඳහන් වන බව පැවසූ දිසානායක ඇමතිවරයා ඒ සම්බන්ධයෙන් සමහර ඇමතිවරුන් පවා ප්‍රසාදය පල කොට ඇති බව පැවසුවේය.