ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලක්ෂ ගණනක් මව්වරුන් HIV රුධිර පරීක්ෂණයට

නිසි සෞඛ්‍යය උපදෙස් පිළිපදින්නේ නම් මවගෙන් දරුවාට HIV ආසාදනය සීයට සීයකින්ම වළක්වා ලීමට හැකි බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපෘතියේ විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ පවසයි.

ගැබිණි මව්වරුන් HIV රුධිර පරීක්ෂණ සඳහා භාජනය කරන මෙන් ලෝක සෞඛ්‍යය සංවිධානය විසින් දෙන ලද උපදෙස් අනුව යමින් ශ්‍රී ලංකාවේත් ගර්භණී මව්වරුන් එම පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබීම විශාල පරිමාණයකින් සිදු කෙරෙන බවයි විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ පෙන්වා දෙන්නේ.

බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී අදහස් පළ කළ විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ, 2014 වර්ෂය ඇතුළත ගර්භණී මව්වරුන් එක් ලක්ෂ පනස් දහසක් පමණ HIV රුධිර පරීක්ෂණ වලට ලක් කරන ලද බවත් සඳහන් කළේය.

‘2013 වසරේ රුධිර පරීක්ෂණ සඳහා යොමු කළ මව් වරුන්ගේ සංඛ්‍යාව 35000 ක් පමණ නම් 2014 වසරේ 1,75000ක් පමණ පරීක්ෂණ සිදු කළ’බවයි විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ වැඩිදුරටත් කියා සිටියේ.

විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ සමඟ BBC සංදේශය සිදු කළ සාකච්ඡාවට මෙම පිටුව තුල සවන් දිය හැකිය.