ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අත්සන් කළේ පෙත්සමකට - නියෝජ්‍ය අමාත්‍ය තිලංග

අගමැතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ජනාධිපතිවරයාට භාරදීම සඳහා සකස් කළ පෙත්සමකට පමණක් අත්සන් තැබූ බව නියෝජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල පවසයි.

විසි වැනි සංශෝධනය සම්මත කරගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ඔහු, තමන් ඇතුළු පිරිසකට පසුගිය සතියේ නියෝජ්‍ය අමාත්‍ය පදවි පිරිනැමීමෙන් ගම්‍ය වන්නේ පාර්ලිමේන්තුව විසුරුවීම තවත් කල් යන බවක් නොවන බවත් බීබීසී සංදේශයට පැවසීය.