ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

‘අබ සරණින්’ මිදුණ අලුත්ගම සහජීවනය

මෙයින් වසරකට පෙර සිංහල සහ මුස්ලිම් ප්‍රජා කණ්ඩායම් අතර ගැටුම් වාර්තා වූ අලුත්ගම සහ ‘ධර්ගා ටවුන්’ ප්‍රදේශයේ මේ වන විට සාමකාමී වාතාවරණයක් ගොඩ නැගෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

බීබීසී සංදේශය වෙනුවෙන් අලුත්ගම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ මාධ්‍යවේදී ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්න පවසන්නේ ‘සහජීවනයෙන් ජීවත් වීමේ වැදගත්කම’ ඔහුට හමු වූ සිංහල -මුස්ලිම් දෙපාර්ශ්වයේම පුද්ගලයන් ප්‍රකාශ කළ බවයි.

2014 ජුනි මාසයේ පුද්ගලයන් කීප දෙනකු අතර උද්ගත වූ ගැටුමක් වාර්ගික සහ ආගමික ගැටුමක මුහුණුවර ගනිමින් ජීවිත සහ දේපොළ විනාශයකට හේතු වූ අතර යුද හමුදාව යෙදවීමට පවා ආණ්ඩුවට සිදු විය.

‘ධර්ගා ටවුන්’ වැසියෙක් බීබීසියට අදහස් දක්වමින් කියා සිටියේ එදා වාර්ගික ගැටුම් මගින් විනාශ කෙරුණ තම ගේ දොර යුද හමුදාව මගින් යළි තනා දුන් බවයි.

විනාශ කෙරුණ ඇතැම් නිවාස යුද හමුදා භටයන් විසින් තවමත් ඉදි කරමින් ඇති ආකාරයත් ප්‍රසාද් පූර්නිමාල් ජයමාන්නට දැක ගත හැකි විය.

නගරය පුරා තවමත් දැඩි ආරක්ෂක වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙන බවක් තමාට දැක ගන්නට ලැබුන බවයි බීබීසී මාධ්‍යවේදියා පවසන්නේ.