රටකට සිටිය යුත්තේ එක නායකයෙක් - ජනපති

Image caption ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පසුගිය මැයි මාසයේ පැවති හමුව

රටකට සිටිය යුත්තේ එක නායකයකු පමණක් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

‘දේශපාලන පක්ෂයකත් නායකයෙක් පත් කර ගත්තා නම් ඒ නායකයා එක්ක සියලු දෙනා කටයුතු කරන්න ඕනි’ ජනාධිපතිවරයා කියා සිටියේ නුවරඑළියේ පැවති පක්ෂ හමුවක් අමතමින්.

එසේම ඇතැම් පිරිස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අසමගි කොට කඩා බිඳ දමා දේශපාලන වාසි ලබා ගැනීමට ක්‍රියා කරමින් සිටින බවත් ජනපතිවරයා එහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහෙය වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිට කිසිවකුටත් ඉඩ නොදෙන ලෙසත් ජනපතිවරයා සිය පාක්ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කළමනාකරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් අයට ඒ කළමනාකරණයට ඉඩ දෙන්න එපා’ ජනාධිපතිවරයා පැවසීය.

කිසිවකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට හෝ කපා හැරීමට උවමනාවක් නැති බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

ජනතා කැමැත්ත පරිදි රටේ පරිවර්තනයක් සිදු කිරීමට තමා බැඳී සිටින බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර