ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජාත්‍යන්තර යෝගා දිනය ගාලු මුවදොරදී සැමරෙයි

යෝගා දිනය සැමරීම සඳහා දෙදහසක පමණ පිරිසක් අද ඉරිදා ගාලු මුවෝදර පිටියට එක් රැස් වී සිටියහ.

ජාත්‍යන්තර යෝගා දිනය සැමරෙන්නේ ප්‍රථම වතාවටයි.

යෝගා ව්‍යායාමවල නියැලීම සඳහා ඒක් රැස් වී සිටි පිරිස අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු, ක්‍රීඩකයන් සහ පාසල් දරුවෝ වූහ.

ජාත්‍යන්තර යෝගා දිනයක් ප්‍රකාශයට පත් කර වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය හා මූලිකත්වය ගෙන කටයුතු කළේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි.

යෝගා ව්‍යායාම ප්‍රචලිත කිරීම හරහා හින්දු නොවන අන්‍යාගමිකයන් නොසලකා හැර ඇති බවට ඉන්දියාවේ ඇතැම් පිරිස් මේ අතර චෝදනා කරති.