ධීවරයෝ අතුරුදහන්: තංගල්ලේ උද්ඝෝෂණයක්

Image copyright Rahul Samantha
Image caption අතුරුදහන්වූවන් පිළිබඳව සෙවීමට කිසිදු උත්සාහයක් නොගත් බවට බලධාරීන්ට චෝදනා

පසුගිය 25 වැනි දින තංගල්ල ධීවර වරායෙන් මුහුදු ගිය 'ලක්ෂාන්' නමැති එක් දින ධීවර යාත්‍රාවේ ගමන්ගත් ධීවරයන් තිදෙනකු අතුරුදහන්ව සිටින බව ඔවුන්ගේ ඥාතීහු පවසති.

ඔවුන්ගේ අතුරුදහන්වූවන් පිළිබඳව දැනුවත් කළත් මේ වනතුරු ඔවුන් සෙවීමට කිසිදු උත්සාහයක් නොගත් බවට ඥාතීහු ප්‍රදේශය නියෝජනය කරන අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන්ට චෝදනා කරති.

එයට විරෝධය පාමින් ප්‍රදේශවාසීහු දින දෙකක් මුළුල්ලේ විරෝධතාවයන්හි නිරතව සිටිති.

Image copyright Rahul Samantha
Image caption බලධාරීන්ගේ ප්‍රතිඥා ගැන 'විශ්වාස නෑ'

අතුරුදහන්ව සිටින ඩබ්පී කරුණාසේන, (59) ඒජීපී මහින්දසිරි (63) සහ ආර්පී සරත් බන්දුල (61) සොයා ගැනීම පිණිස හෙලිකොප්ටර් යානයක් යොදාගෙන මෙහෙයුමක් දියත් කරන මෙන් නිවාස සහ සමෘද්ධි කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාස දැනුම් දුන් බව ධීවර රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පැවසීය.

එහෙත් එම ප්‍රතිඥාව පිළිබඳව තමන්ට විශ්වාසයක් නැති බවයි, ප්‍රදේශවාසීන් පවසන්නේ.

(තංගල්ලේ සිට වාර්තාව රහුල් සමන්ත හෙට්ටිආරච්චි ගෙන්.)