බැඳුම්කර ගැන 'සොයා බැලිය යුත්තේ ජනපති'

dew gunasekara

ශ්‍රී ලංකා මහා බැංකුවේ බැඳුම්කර සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ නිර්දේශ සම්බන්ධයෙන් කටයුතු කිරීම ජනාධිපතිවරයා සතු කටයුත්තක් බව කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ ඩිව් ගුණසේකර කියා සිටී.

මහා බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ගයක් නිර්දේශ කිරීම තම අරමුණ නොවූ බව ඩිව් ගුණසේකර මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.ඒ අනුව මහා බැංකු අධිපතිවරයා වැරදිකරුද නැද්ද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට තමන්ට අවශ්‍ය නොවූ බවයි ඩිව් ගුණසේකර කියා සිටියේ.

බැදුම්කර අඩු පොළියට ලබා ගත්තේ නම් වැඩි වාසියක් ලබා ගැනීමට ඉඩ තිබුනු බව තම කමිටුව විශ්වාශ කළ බව කෝප් කමිටුවේ හිටපු සභාපතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

තමන් මේ වාර්තාව ඉදිරිපත් කිරීමේදී පක්ෂග්‍රාහී ලෙස කටයුතු කළ බවට නැගෙන චෝදනා බැහැර කරන බව ඩිව් ගුණසේකර පැවසීය.