ජාතික හෙළ උරුමය වෙනුවට යහපාලන පෙරමුණක් - පාඨලී

ජාතික හෙළ උරුමය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත් වී නව පෙරමුණක් පිහිටුවා එළඹෙන මහ මැතිවරණයට තරහ කරන බව එම පක්ෂයේ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඒ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන්, පක්ෂ සහ සංවිධාන සමග සාකච්ඡා පවත්වමින් සිටින බව අමාත්‍යවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

‘විශේෂයෙන් අපේ තේමාව මේ යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, ඒ වගේම ශීලාචාර දේශපාලනය රට තුළ ස්ථාපිත කිරීම’ ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීම ‘ජනතාවට බාර’ යැයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

නව පෙරමුණේ ලාංඡනය සහ නම ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතරදියමන්තිය ලකුණ යටතේ එක්සත් ජාතික යහපාලන පෙරමුණ නමින් ජාතික හෙළ උරුමය ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වන බව ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබිණි.