දේශපාලනයෙන් සමුගන්නවා - සනත් ජයසූරිය

Image copyright AFP
Image caption පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දුන් සනත් ජයසූරිය, මෑතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කළේය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සංවිධායක පදවියෙන් ඉල්ලා අස් වී දේශපාලනයෙන් සමුගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි.

ඒ අනුව එළඹෙන මහ මැතිවරණයට තමන් තරඟ නොකරන බවයි, නියෝජ්‍ය අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේ.

පසුගිය ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දුන් ඔහු, මෑතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහාය පළ කළේය.

හිටපු ජනාධිපතිවරයාට නාමයෝජනා ලබාදීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කිරීම හේතුවෙන් කලකිරීමට පත්ව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම තීන්දුවට එළඹෙන්නට ඇති බවයි, විශ්වාස කෙරෙන්නේ.

ක්‍රිකට් ක්‍රීඩා විස්තර ප්‍රචාරයකට සහභාගි වීම පිණිස සනත් ජයසූරිය විදේශීය සංචාරයක යෙදී සිටින බැවින් වැඩිදුර විස්තර විමසීම පිණිස ඔහු ඇමතීමට බීබීසී යට අවස්තාවක් නොලැබුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර