ත්‍රිකුණාමලයේත් සමූහ මිනී වලක්?

Image caption ත්‍රිකුණාමලයේ මැක්හෙයිසර් ක්‍රීඩාංගනයේ සමූහ මිනීවළක් තිබෙන බවට ප්‍රදේශවාසීහු සැක පළ කරති

ත්‍රිකුණාමලයේ මැක්හෙයිසර් ක්‍රීඩාංගනයේ කැනීම් සිදු කරන අතරවාරයේ හිස් කබල් හතරක් සහ කුඩා අස්ථි කොටස් හමුවී තිබේ.

මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි එම කැනීම් ආරම්භ වී තිබෙන්නේ.

ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් වරයා හමුවේ සහ පොලිස් ආරක්ෂාව යටතේ පසුගිය සඳුදා සිට එම කැනීම් ආරම්භ කෙරුණු බව මාධ්‍යවේදී ආර්ජී ධර්මදාස වාර්තා කරයි.

2014 වසරේ ජනවාරි මාසයේ ක්‍රීඩාංගනයේ සංවර්ධන කටයුතු කිරීම සඳහා බැකෝ යන්ත්‍ර මගින් කැනීම් සිදු කළ අවස්ථාවේ ඇටකටු විශාල ප්‍රමාණයක් හමුවූ බව පවසන ඔහු, ඒ සමඟම විශාල ආන්දෝලනයක් හට ගත් බවත් සඳහන් කරයි.

ඒ අවස්ථාවේ හෑරූ වල වසා පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.

එම ස්ථානයේ සමූහ මිනීවළක් ඇති බවට ජනතාව සැක පල කරණ බව මාධ්‍යවේදී ආර්ජී ධර්මදාස වැඩිදුරටත් සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර