ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අඟහරුවාදා සවස විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ධර්මසිරි ඒකනායක තහවුරු කරයි.

එම විශේෂ ප්‍රකාශය කුමක් ද යන්න පිළිබඳව අනාවරණය වී නැති නමුත් ජනාධිපතිවරයා ඉකුත්දා සිවිල් සංවිධාන නියෝජිතයන් හමුවූ අවස්ථාවෙදී ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා බාර දීමට ගත් තීරණය සම්බන්ධයෙන් තමන් ඊයේ 13 වැනිදා හෝ අද 14 වැනිදා ප්‍රකාශයක් කරන බවයි.