යහපාලනයට එකතු නොවූයේ ඇයි? -අනුර කුමාර

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'බැලූ බැල්මට ප්‍රතිවිරුද්ධ කඳවුරු දෙකක් ලෙස පෙනුනත් යහපාලන කඳවුර සහ මහින්ද කඳවුර එකකම කඳවුරක්' බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

මෙම කඳවුරු දෙකම 'රඟ දක්වමින් තිබෙන නාටකය' ජනතාව ඉදිරියේ හෙළිදරව් කිරීමට තම පක්ෂය සුදානම් බවයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක බීබීසීයට කියා සිටියේ.

ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා ක්‍රියාකාරී වූ තම පක්ෂය මෙවර එම අරමුණ සඳහා යහපාලන පෙරමුණ සමඟ සන්ධාන ගත නොවූයේ මන්දැයි ඔහු මෙසේ පැහැදිලි කළේය.

රනිල්

‘රාජපක්ෂ පරාජය කරනවා කියන්නේ හුදු පුද්ගලයෙක් පරාජය කිරීම නෙමෙයි. ඔහු අනුගමනය කරන ප්‍රතිපත්ති පරාජය කිරීම. රනිල් වික්‍රමසිංහ ඒ රාජපක්ෂ ප්‍රතිපත්ති පරාජය කිරීමට සුදානම් ද? ඡන්දයක් පේන මානයේ තිබියදී බැඳුම්කර වංචාවක් සිදු කළා. දූෂිතයන්ට දඬුවම් ලබා දීමට සුදානම් නැති බවත් එම පරීක්ෂණයට මැදිහත් වීම තුලින් රනිල් පෙන්නුම් කළා. ඒ නිසා මේ කවර හෝ පෙරමුණකට එක් වීමෙන් මේ අවශ්‍යතාව රටට ඉටු වන්නේ නැහැ.’ අනුර කුමාර දිසානායක පැවසීය.

රටට අවශ්‍ය වෙනස මෙම කඳවුරු දෙකින් ම ඉටු නොවන බව පසුගිය වසර හැට හත පුරාම ඔප්පු කර ඇති බවයි ඔහු පවසන්නේ.

‘මේ මොහොතේ පරාජය කළ යුත්තේ කුමක්ද? වංචා දූෂණය නොවෙයිද? මේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නෙමෙයිද? මහජන මුදල් නාස්තිය නෙමෙයිද? දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්වීම නොවෙයිද?’ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ප්‍රශ්ණ කරයි. සම්පුර්ණ සාකච්ඡාවේ හඬ පටය අමුණා ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර